ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය 29 වැනි සංවත්සරය සමරයි
6:53am on Tuesday 11th April 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය සමාජ, ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් සිය 29 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින සමරන ලදී.

අණදෙන කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන විසින් සමාලෝචනය කරන ලද වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරමභ කෙරුනු අතර ඒකකයේ සේවා සහ සිවිල් පුද්ගලයින් සමග එක්ව සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී. ජයග්‍රාහී කණ්ඩායමට අණදෙන කෘෂි නිලධාරී අනුස්මරණ කුසලානය පිරිනැමිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර සහභාගී විය.

සංවත්සර උත්සවයට සමගාමීව කෘෂි ඒකකය විසින් ගෙලිඔය කේ/ ඩී බී විජේතුංග ජාතික පාසලේදී ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වනු ලැබූ අතර පාසලට අවශ්‍ය කාබනික පොහොර, අනෙකුත් කෘෂි අමුද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුකරන ලදී. අනතුරුව කොස් පැළ ප්‍රදානය කිරීමද සිදු කරන ලදී.

කෘෂි ඒකකයේ සියලුම පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම මියගිය ගුවන් රණශූරයින්ට සෙත් පතා පිරිත් සජ්ඣායනා කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු 07 වන දින කෘෂි ඒකකයේ දී පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි