අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි
අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්.එම්.එස්.එන්.රණසිංහ ගේ මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් සමඟින් අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින සමරන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, එය බලඝණයේ අණදෙන නිලධාරී විසින් සමාලෝචනය කරන ලදී. ඉන් අනතුරුව, ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලයේදී ශරමදාන ව්‍යාපාරයක් සහ ඔසු පැළ සිටුවීමේ වැඩසටහනක් ද, අනතුරුව බලඝණයේ හිටපු සහ වත්මන් සාමාජිකයින්ට මෙන්ම ගුවන් හමුදා සාමාජිකයින්ට ආශිර්වාද පතා ‘කෝවිල් පූජාවක්’ කඳවුර ඇතුළත කෝවිලේ දී පවත්වන ලදී.

නිළධාරීන් සහ ගුවන් භටයින් අතර අන්‍යෝන්‍ය සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා බලඝණයේ සියලුම පුද්ගලයින් විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියකින් සැමරුම අවසන් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි