පාලවි ගුවන් හමුදා කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 11 වැනි සංවත්සරය සමරයි
පාලවි ගුවන් හමුදා කඳවුරේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 2023 මාර්තු 12 වන දින වසර 11ක සේවා කාලය සම්පූර්ණ කරමින් සිය සංවත්සරය සමරන ලදී. පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 1987 අප්‍රේල් 24 වැනි දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේදී පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පක්‍ෂාංගය ලෙස ආරම්භ කරන ලද අතර පසුව එය අද පවතින තත්ත්වයට වෙනස් කර 2012 මාර්තු 12 වැනි දින ගුවන් හමුදා පාලවි කඳවුරේ නැවත ස්ථාපිත කරන ලදී.

වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීජීබී මැදගේවත්ත නිළධාරීතුමන්ගේ මූලිකත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ කෙරුනු අතර සියලුම සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක්ද පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව, පුපුරණ ද්‍රව්‍ය නිවාරණ පුහුණු පාසලේ සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු 11 වන දින පාලවිය සිංහල මහා විද්‍යාලයේ සහ පුත්තලම මූලික රෝහලේ  ශ්‍රමදාන ව්‍යාපාර සංවිධානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි