ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 13 වන දින සිදු කරන ලද අතර එහිදී  වැඩබලන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා නිළධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ආර්එම්කේටීකේ ගුණසේකර නිළධාරිතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් පෙරේරා නිළධාරිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයට අණදෙන අතරතුර අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන සහ අලුත්වැඩියා පක්ෂාංගයේ අණදෙන නිළධාරියා ලෙස ද මේ දක්වා රාජකාරිය කරන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්.එම්.කේ.ටී.කේ ගුණසේකර නිළධාරිතුමන් කටුනායක ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් පත්වීමට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 08  ප්‍රවාහන බළඝණයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.
.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි