ගුවන් හමුදාධිපතිතුමන් ශ්‍රි ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර් නිරීක්ෂණ චාරිකාවක නිරතවෙයි
7:09am on Tuesday 11th April 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් 2023 වර්ෂය සඳහා වූ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2023 මාර්තු 16 වන දින ගුවන් හමුදා පලාලි කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකින් ආරම්භ කරන ලදී.

අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.ඒ.ඩී.එම්.සී මනතුංග විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගන්නා ලද අතර, එහිදී උත්සවාකාරයෙන් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

නිරීක්ෂණ අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියලුම අංශවල සංචාරයක නිරත විය. අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් පලාලි කඳවුරේ සියලුම නිළයන් ඇමතූ අතර එහිදී අප දැනට මුහුණ දී සිටින අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ ඔවුන් කළ කැපවීමෙන් කළ සේවයට ස්තූතිය පුද කළ අතර  වඩා උසස් සේවාවන් සඳහා උත්සාහ කිරීමට ඔවුන් දිරිමත් කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි