2023 වර්ෂය සඳහා අධිකාරී නොලත් නිලධාරීන් සඳහා පළමු ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව පවත්වනු ලබයි
7:10am on Tuesday 11th April 2023
අධිකාරී නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව  ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් විය. වැඩමුළුව 2023 මාර්තු 13 වන දින සිට 17 වන දින දක්වා පැවති අතර, සියලුම අධ්‍යක්ෂ මණ්ඩල නියෝඡනය කරමින් අධිකාරී නොලත් නිලධාරීන් 44 දෙනෙක් සහභාගී විය.දින 5ක් පුරා පැවති වැඩමුළුව මගින් ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති, ගුවන් සේවා කායික විද්‍යාව සහ මනෝවිද්‍යාව, ගුවන් යානා අනතුරු විමර්ශනය, ද්‍රව්‍යමය සාධකය, මානව සාධකය, ගුවන් යානා ගිනි නිවීම සහ ගුවන් ගමනාගමන සේවා අංශයන් වැනි ප්‍රධාන ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වැඩමුළුව ක්‍රීයාත්මක කරන ලදී.

සමාරම්භක දේශනය පියාසර ආරක්ෂක අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් අමල් පෙරේරා විසින් පවත්වන ලද අතර සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 මාර්තු 17 දින පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා අංක 4 ප්‍රභූ ආරක්ෂක බලඝණ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දුලිප් හේවාවිතාරණ, ප්‍රධාන පියාසර ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් එම්.වී.සී සිල්වා, ගුවන් ආරක්ෂක පරීක්ෂක විංග් කමාන්ඩර් එස්ඩී ගෝර්ඩන්, ගුවන් ආරක්‍ෂක පරීක්‍ෂක, බළඝණ නායක එස්ටී සෝන්ඩර්ස්, ගුවන් ආරක්‍ෂක පරීක්‍ෂක  ස්කොඩ්‍රන් ලීඩර් ඩබ්ලිව්ඩීඑල්පීඒ සිල්වා සහ පාඨමාලා සම්බන්ධීකාරක මාණ්ඩලික නිලධාරී  විංග් කමාන්ඩර් ඩබ්.එම්.කේ.එන්.වික්‍රමසිංහ.ඇතුලු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි