ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 52 වන අදියර වවුනියාවේදී සාර්ථකව අවසන් වේ
7:20am on Tuesday 11th April 2023
'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 52 වන අදියර 2023 මාර්තු 18 වන දින වවුනියාව ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

මෙම විද්‍යාලයේ සිසුන් 95 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර වසර ගණනාවක් තිස්සේ පිළිසකර කර නොතිබූ ගොඩනැගිල්ලක් ඔවුන්ගේ අධ්‍යාපනයට සුදුසු පරිදී ප්‍රතිසංස්කරණය කර මෙම ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙත භාරදීම සිදුකරන ලදි.අනතුරුව අතර ඔවුන් වෙත අභ්‍යාස පොත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකරන ලදී.මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා වවුනියාව කඳවුර විසින් අරමුදල් සපයන ලද අතර, ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් පූජන ගුණතිලක මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිළධාරීතුමන්,කඳවුරේ නිළධාරීන්, සෙසු නිලයින් මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි