සමස්ථ ලංකා අන්තර් සමාජ පිරිමි 9-ඒ හොකී තරඟාවලිය 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම ජයග්‍රහණය අත්කරගනී
2023 මාර්තු 19 වන දින මාතලේ එඩ්වඩ් පාර්ක් හොකී පිටියේදී  පැවැති සමස්ත ලංකා අන්තර් සමාජ පිරිමි 9-ඒ හොකී තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පොලිස් හොකී කණ්ඩායම පරදා ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සදහා හොකී ක්‍රීඩා සමාජ 10ක් තරඟ වැදුණු අතර ගුවන් හමුදා හොකී කණ්ඩායම ඉතා උනන්දුවෙන් තරඟ වැදුණු අතර අවසන් මහා තරගයේදී පොලිස් හොකී කණ්ඩායම ලකුණු 02-01ක් ලෙස පරාජය කරමින් ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලදී. සම්මාන ප්‍රදානෝත්සවයේදී තරඟාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට වීරසූරිය පී.ජී.එල්.ජී.සම්මාන හිමිකරගන්නා ලදී.

</
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි