ජපන් - ලංකා මිත්‍ර සංගමය විසින් ගිලන් රථයක් සහ කියවීමේ උපැස් තොගයක් ගුවන් හමුදාවට පරිත්‍යාග කරයි
ජපන් - ලංකා මිත්‍ර සංගමය විසින් ටොඡි පවුලේ නොමසුරු සහය ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිසාන් වර්ගයේ ගිලන් රථයක් සහ කියවීමේ උපැස් යුවලක් ප්‍රදානය කිරීම 2023 මාර්තු 23 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. මෙම වර්ණවත් උත්සවයේදී නියෝජිත පිරිස විසින් නිල වශයෙන් ගිලන් රථය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් වෙත භාරදෙන ලදී.
මෙම පරිත්‍යාගය අගයමින් ජපන් දූත පිරිසට මෙම දිනය අමතක නොවන දිනය බවට පත්කිරීමේ අරමුණින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජපන් - ලංකා මිත්‍ර සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර 2015 වසරේ සිට පැවත එන අතර ගිනි නිවන රථ 10 ක්, ගිලන්රථ 8 ක්, හැරවුම් ඉණිමඟ වාහන තුනක් සහ ගිනි නිවන මෝටර් රථයක් නොමසුරුව පරිත්‍යාග කිරීමෙන් එම මිත්‍රත්වය ශක්තිමත් විය.
මෙම අවස්ථාවට සීමාසහිත හෂීමා ග්ලාස් සමාගමෙහි සභාපති ටොඡි එල්චි මහතා, ෆකිනෝ කායි සහ හෂීමා ටයිකෝ සමූහයේ සභාපතිනි, ටොඡි ක්යෝකෝ මහත්මිය, ටෝස්ටම් සමාගමේ අධ්‍යක්ෂ වටනබේ කුනිඕ මහතා සහභාගී විය.මෙම සුවිශේෂී අවස්ශ්‍ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය , මාණ්ඩලික ප්‍රධානී , නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී,ජපන් - ලංකා මිත්‍ර සංගමයේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු , නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගි විය.
.