ශ්‍රී ලංකා හමුදාවට එක්සත් ජනපද රජයේ ප්‍රදාන උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය
එක්සත් ජනපද-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රිකත්වයේ 75 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා හමුදාවට එක්සත් ජනපද රජයෙන් උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය අද (2023 මාර්තු 27) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලී චුන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා විසින් ත්‍රිවිධ හමුදාව සමඟ එක්සත් ජනපද රජය විසින් ප්‍රදානය කරන ලද උපකරණ සම්බන්ධයෙන් නිල ලේඛන අත්සන් කර හුවමාරු කරගත් අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එම්.කේ ජයවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පී.එස්. ද සිල්වා සහ ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්, එයාර්. වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න යන නිලධාරීන් සහභාගිවිය.

ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සහ ත්‍රිවිධ හමුදාව අගය කිරීම සංකේතවත් කරමින් ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වෙත විශේෂ සිහිවටනයක් එක්සත් ජනපද රජයට සහ තානාපති කාර්යාලය වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සහකාර ආරක්ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජිතයින්, ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රංජිත් සේනානායක, ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් එම්.කේ.ජයවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පී.එස්. ද සිල්වා, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර යන නිලධාරීන් සහභාගිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි