"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 53 වන අදියර කටුකුරුන්දේදී සාර්ථකව අවසන් කරන ලදී
11:36am on Tuesday 11th April 2023
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 53 වන අදියර 2023 මාර්තු 27 වන දින තෙබුවන ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව අවසන් කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

වසර කිහිපයකින් ප්‍රතිසංස්කරණය නොකළ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද්දේ පාසල් සිසුන් 157 කට ආසන්න පිරිසකට නිදහස් අධ්‍යාපනික වාතාවරණයක් ඇති කිරීම සදහාය. ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ අතර, උත්සවයේදී සිසුන්ට අභ්‍යාස පොත් ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර විසින් අරමුදල් සපයන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ සේවා වනිතා ඒකකයේ ජයමිණි කුමාරසිංහ මහත්මිය, කදවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

                         
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි