"ගුවන් හමුදා හෙරළි පෙරළි" කොස් වගා ව්‍යාපෘතියක් දියත්කරනු ලබයි
12:02pm on Tuesday 11th April 2023
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2023 අප්‍රේල් 01 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී "ගුවන් හාමුද හෙරලි පෙරළි" නමින් නව වැඩසටහනක් දියත් කරන ලදී.මෙම උත්සවයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු.ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ගරු සාගල රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ අනෙකුත් නිලධාරීන්,සෙසු නිළයින් සහ පාසල් සිසුන් පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් සහ අනාගත ආහාර අර්බුදයට පිළියම් යෙදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මේ අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීම සහ කෘෂි නිලධාරී එයාර් කොමදෝරු එරන්ද ගුණවර්ධන, අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘති වැඩසටහන පවත්වනු ලබයි. මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ආහාරයක් වූ කොස් නැවත සමාජයට හඳුන්වා දී අනාගතයේ ඇති වන ආහාර හිඟයකට පිළියමක් ලෙස භාවිත කිරීම මෙම වැඩසටහනේ අරමුණවේ. කොස් ගසට ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසයක් ඇති අතර එය ශුද්ධ වූ වෘක්ෂයක් ලෙස ගෞරවයට පාත්‍ර වේ. අර්බුදකාරී කාලවලදී ශ්‍රී ලාංකිකයන් කුසගින්නෙන් ගලවා ගත් බව විශ්වාස කරන බැවින් එය "සහල් ගස" ලෙසද හදුන්වනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා කොස් පැළ මිලියන 3ක් සිටුවීමේ කාර්යයේ පෙරමුණ ගෙන ඇති අතර, මෙම වැඩසටහන සඳහා සක්‍රීයව සහභාගී වන ලෙස රාජ්‍ය නොවන සංවිධානවලට ආරාධනා කරයි.ව්‍යාපෘතිය මෙම පැළ සිටුවීමෙන් අවසන් නොවන අතර, කොස් ගෙඩි ක්‍රමානුකූලව පරිභෝජනයට සූදානම් කළ හැකි ව්‍යවසායකයින් වෙත නිරන්තරයෙන් බෙදා හැරීමද සිදුකිරීමට කටයුතු කරනු ලැබේ.මෙම උත්සවයේදී කොස් වගාව පිළිබඳ තොරතුරු ලබාගත හැකි "ගුවන් හාමුදා හෙරලි පෙරළි" ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි