අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝනය 27 වන සංවත්සරය සමරයි
8:25am on Wednesday 12th April 2023
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 සැහැල්ලු  ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය වයි-12 (Y-12) ප‍්‍රවාහන ගුවන් යානාවන්ගෙන් සහ බී200 (Beechcraft 200) නිරීක්‍ෂණ ගුවන් යානාවන්ගෙන් සමන්විතව, 1996 වසරේ අපේ‍්‍රල් මස 1 වන ස්ථාපිත කරනු ලැබු අතර මෙම බලඝණයේ ගුවන් යානා පියාසර නියමුවකු ලෙස හා උපදේශයකු ලෙස වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා  මුල් අවධියේ දි කටයුතු කරනු ලැබු අතර 2011 වසරේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ සේවාව වන හෙලිටුවර්ස්  සේවාව යටතේ එම්ඒ60 (MA-60) මගී ප‍්‍රවාහන ගුවන් යානාවන් ද්විත්වයක් හඳුන්වාදීමත් සමගම අංක 8 ගුවන් යානා බලඝණයේ ගුවන් යානා සංචිතය ඉහළ නැංවිමට හැකි විය.  

අංක 8 සැහැල්ලු ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට අයත්  බිචි කිං එයාර් බී200 (Beechcraft 200) ගුවන් යානය මූලිකවම ප‍්‍රභූ ප‍්‍රවාහන ගුවන් යානාවක් වුවද, 1996 වසරේදී බුද්ධි සන්නවේදන උපකරණයන්ගෙන් හා දිවා/රාතී‍්‍ර කැමරාවකින් සමන්විතව ආවේක්‍ෂණ ගුවන් යානාවක් ලෙස පරිවර්තනය කරන ලදී.     

මෙම බලඝණයට අයත් ගුවන් යානවන් මගින් සෙබළුන් ප‍්‍රවාහනය හා භාණ්ඩ ප‍්‍රවාහනයට අමතරව වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුවන් මගින් බෙදහැරීමේ මෙහෙයුමි සදහාද, සිවිල් මගීන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීම යන කාර්යන් සදහා ද සක‍්‍රිය දායකත්වය සපයනු ලබයි.

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන අංක 8 සැහැල්ලු ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයේ වර්තමාන අණදෙන නිළධාරී තුමන් ලෙස විංග් කමාන්ඩර් පසන් දයානන්ද නිළධාරිතුමා කටයුතු සිදුකරනු ලබන අතර ගෙවුණු වසර 27 ක කාළය මුළුල්ලේ දේශයේ උන්නතිය උදෙසා ඉටුකලා වු සුවිශේෂි කාර්යභාරය වෙනුවෙන් ජානාධිපති වර්ණයන්ගෙන් ද මෙම බලඝණය පිදුමි


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි