අංක 6 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණය 30 වන සංවත්සරය සමරයි
8:28am on Wednesday 12th April 2023
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 6 බලඝණය 1993 මාර්තු මස 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරනු ලැබු අතර පසුව එය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මුලික කදවුර වවිනියාව වෙත ගෙනයන ලදි. අනතුරුව 2008 වර්ෂයේ මෙම බලඝණයේ මෙහෙයුම් අවශ්‍යතාවයන්ගේ ඉහළ යාමත් සමග අනුරාධපුර මුලික ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එන ලදි.

රුසියාවේ නිෂ්පාදිත එම්අයි- 17 හෙලිකොප්ටර් යානාවන්ගෙන් සමන්විත වන මෙම බලඝණය  (ගගන ගැබ ගජ බලය පතුරවමු) යන්න උදෘත පාඨය කර ගනිමින් උතුරු, නැගෙනහිර යුධ භූමියේ සිදු කරන ලද සියලුම මෙහෙයුම් අතරතුර තුවාල ලත් සෙබලුන් ප‍්‍රවාහනය කිරිමේ මෙහෙයුමේ සිදුකර දස දහස් ගණනක් වූ සොල්දාදුවන්ගේ ජීවිත බේරාගැනීමට සෘජු දායකත්වය දක්වන ලදි.

මෙම හෙලිකොප්ටර් යානා මගින් හදිසි වෛද්‍යාධාර ප‍්‍රවාහනය, ගිනි නිවිමේ කටයුතු, ගොඩබිමෙන් ගෙන යා නොහැකි අධික බරකින් සහ විශාලත්වයකින් යුතු උපකරණ ගුවන් මගින් ප‍්‍රවාහනය කිරීම, ස්වභාවික ආපදාවන්හි ආධාර මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීම, කැලෑ සහ මුහුදු ගලවා ගැනීමේ මෙහෙයුම්, උපායශීලී නිරික්ෂණ මෙහෙයුම් මෙන්ම 2004 වර්ෂයේ ඇතිවූ සුනාමි ව්‍යසනයේ සහ 2017 වර්ෂයේ ඇතිවූ ගංවතුර ආපදා තත්වයන්හි දි සිදු කරන ලද මෙහෙයුම් ආදි සුවිශේෂි මෙහෙයුම් රාශියක් සදහා  දායකත්වය සපයන ලදි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ අංක 62 බලපන්තිය ස්ථාපිත කර එම ප‍්‍රදේශයන්හි සිය ගුවන් මෙහෙයම් පවත්වාගෙන යනු ලැබු පළමු ශි‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් බලඝණය බවට ද මෙම බලඝණය පත්ව ඇත.

මෙම අංක 6 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණය  සිදුකළාවු සුවිශේෂි මෙහෙවර ඇගයිමට ලක්කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් 2021 වර්ෂයේදි මෙම බලඝණය වෙත ජනාධිපති වර්ණ ප‍්‍රධානයක් ද සිදු කරන ලදී. අංක 6 ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයේ වත්මන් අණදෙන නිළධාරි ලෙස ගෲප් කැප්ටන් ටිරෝන් මුණසිංහ නිළධාරිතුමන් කටයුතු කරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි