ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 34 වන සංවත්සරය සමරනු ලබයි.
8:29am on Wednesday 12th April 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය 2023 අප්‍රේල් 02 වන දින සිය 34 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. මෙම පක්‍ෂාංගය 1989 අප්‍රේල් 02 වැනි දින ආරම්භ කරන ලද අතර 1991 මෙම  1 වන අණදෙන නිලධාරියා ලෙස විංග් කමාන්ඩර් අජිත් ජයසේකරගේ නිළධාරීතුමන් පත්කරන ලදි . මේ වන විට මෙම පක්‍ෂාංගයට අනුයුක්තව අණදෙන නිලධාරී 10 දෙනෙකු සේවය කර ඇති අතර වත්මන් අණදෙන නිළධාරීතුමන් ලෙස ගෲප් කැප්ටන් සමීර ලංකාතිලක නිළධාරීතුමන් කටයුතු කරනු ලබයි.

සංවත්සර උත්සවට සමගාමීව 2023 මාර්තු මස 30 වන දින තෙලවල ශ්‍රී නිකේතනාරාම විහාරස්ථානයේ දී පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී. එදිනම සවස එම විහාරස්ථානයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ආගමික වැඩසටහනක් පවත්වන ලදී.

සම්ප්‍රදායික වැඩ පෙළපාලිය 2023 අප්‍රේල් 03 වන දින අණදෙන නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදී. අණදෙන නිළධාරීතුමන් විසින් පෙළපාලිය අමතා  පක්‍ෂාංගයේ අතීත සහ වර්ථමාන තත්වය පිළිබදව මතක් කරමින් මේ දක්වා පක්‍ෂාංගය වෙනුවෙන් කළ කැපකිරිම් වෙනුවෙන් සිය ස්තුතිය පුද කරන ලදී.

පෙළපාලියෙන් අනතුරුව,ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ජූඩ් පෙරේරා නිළධාරීතුමන් ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සමුගැනීමේ සංචාරයක නිරත විය. ඔහුගේ සංචාරයේදී ඔහු ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශය වෙත ගිය අතර එහිදී නායක ගුවන් භට ගුණවර්ධන පීටීඑන් සහ කෝප්‍රල් ආනන්ද බීඩී වෙත රෝද පුටු දෙකක් (02) දෙදෙනාගේම පියවරුන්ගේ රැකවරණය සඳහා පරිත්‍යාග කරන ලදී.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි