ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ 126 වැනි ජන්ම දින සංවත්සරය සැමරේ
9:30am on Thursday 27th April 2023
ශ්‍රී ලංකාවේ තුන්වන අග්‍රාමාත්‍යවරයා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල මහතාගේ 126 වැනි ජන්ම දින සැමරුම් උත්සවය 2023 අප්‍රේල් මස 04 වන දින පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී වූ අතර ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් උත්සවය ආරම්භ වූ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්  මහතා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ඥාතින් නියෝජනය කරමින් වීර මංගල කොතලාවල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්සද මෙම උත්සවයට එක්ව සිටියහ.

ශ්‍රීමත් පෝක්  කොතලාවල අනුස්මරණ සංගමයේ අනුග්‍රහයෙන් පාසැල් දරුවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද මෙම උත්සවයට සමගාමීව සිදු කරන ලදි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සේවකයින්ගේ දරුවන් අතරින් පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල පාසලෙන් සහ කඳවල නවෝද්‍යා පාසලෙන් තෝරාගත් සුදුසුකම් ලත් දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි