අංක 1 ගුවන් යානා කාර්ය කැඩෙට් නිළධාරීන් හට ජලයේ හා කැළැවේ නොනැසී ඡීවත්වීමේ පුහුණු වැඩසටහනක් අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලබයි
අංක 1 වනයේ සහ ඡලයේ නොනැසි ඡීවත්වීම පිළිබද පුහුණු වැඩසටහන-2023" සදහා ගුවන් නියමුවන් 09, මාර්ගොපදේශකවරයෙක්, ගුවන් ඉන්ජිනේරු තාක්ෂණ ශිල්පීන් 03ක්,ගුවන් අවිකරුවන් 03ක්,කැබින් කාර්ය මණ්ඩලය 02ක්, බුද්ධි නිරීක්ෂකු ඇතුලු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 දෙනෙකුගේ සහ සැම්බියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ  මේජර් ලෙනාඩ් සූලූ සහ කැප්ටන් කැසැන්ඩ්‍රා රොස් යන විදේශීය නිලධාරීන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු 17 සිට 29 වන දින දක්වා ගුවන් හමුදා අම්පාර කඳවුරේ පැවති වැඩසටහන සාර්ථකව නිම කරන ලදී.

ක්ෂේත්‍ර පුහුණුව, සිතියම් සකස් කිරීම සහ දිවා රාත්‍රී සිතියම් පාගමන්, දිවි ගලවා ගැනීම, මංතීරු ආදර්ශන, ගංගා තරණය කිරීමේ අභ්‍යාස, කැලෑ ආශ්‍රිත පුහුණුව සහ දේශන සහ ප්‍රායෝගික සැසි සමඟින් වැඩසටහන පැවැත්විණි.

පුහුණු වැඩසටහනේ සමාප්ති උත්සවය 2023 මාර්තු 29 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා සහභාගී විය. සාර්ථකව පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි