අංක 72 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ සම්මාන ප්‍රදානෝත්සවය
10:13am on Thursday 27th April 2023
අංක 72 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ සම්මාන ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ මහතා සහභාගී විය.

සති 14 ක් පුරා පැවති පාඨමාලාව සදහා නිලධාරීන් 27 දෙනෙකු සහභාගී වූ අතර ඉන් 26 දෙනෙකු ගුවන් හමුදා බලඝණ නායක සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිලයේ නිලධාරීන් වු අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ එක් නිලධාරියෙකු විය.

පාඨමාලා අංක 72 කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාවේ සම්මානලාභීන්

සෑම අතින්ම දක්ෂතම නිලධාරියා

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒඑන්එස් වරුණගේ (සාමාන්‍ය රාජකාරි නියමු)
 
ශාස්ත්‍රීය අංශයේ දක්ෂතම නිලධාරියා
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඒඑන්එස් වරුණගේ (සාමාන්‍ය රාජකාරි නියමු)
 
විශිෂ්ටතම පොත් සමාලෝචනය
බලඝණ නායක එස්.ඒ.එල් සමරසිංහ (සිවිල් ඉංජිනේරු)
 
විශිෂ්ටතම මහජන කථිකයා
බලඝණ නායක මරික්කාර් (ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු)
 
විශිෂ්ටතම ක්‍රීඩකයා
බලඝණ නායක ටී.බී.එච්.ශාක්‍යබණ්ඩාර (රෙජිමේන්තු)
 
කළමනාකරණ අධ්‍යයනයේ විශිෂ්ටතම නිලධාරියා
ගුවන් ලුතිනන් ඒඑන්එස් වරුණගේ (සාමාන්‍ය රාජකාරි නියමු)
 
ගුවන් බල අධ්‍යයනයේ විශිෂ්ටතම නිලධාරියා
බලඝණ නායක ඩබ්.පී.එස්.කේ ප්‍රේමරත්න (සාමාන්‍ය රාජකාරි නියමු)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි