අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වනු ලබයි
10:31am on Thursday 27th April 2023
ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 19 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 90 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2023 අප්‍රේල් 11 වන දින ශ්‍රි ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ඩිඡිඑම් සිල්වා නිළධාරීතුමන්ගේ මගපෙන්වීම මත පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය සැපයුම් අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් එස්.එම්.එස්.පී. කොස්වත්ත නිළධාරීතුමන් සහභාගි විය. ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබුවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී සේනාධීර විසිනි.

මෙම පාඨමාලාව පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අධිකාරී නොලත් නිලධාරීන් අතර මනා අධ්‍යාපනික හා කළමනාකරණ දැනුම හුවමාරු කර නායකත්ව ගුණාංග වැඩි දියුණු කිරීමයි.  පාඨමාලාව සති 14 ක කාල සීමාවක් තුළ හොඳින් සකස් කරන ලද විෂය නිර්දේශයකට අනුකූලව පවත්වන ලදී. පාඨමාලා දෙකම රජරට විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත වන අතර, අවශ්‍ය නිර්ණායක සපුරාලන සියලුම අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණය පිළිබඳ සහතිකයක් පාඨමාලාව අවසානයේ ප්‍රදානය කරන ලදී.

අංක 19 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 90 සිංහල මාධ්‍ය පාඨමාලා සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 64 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් තිදෙනෙක් සහ ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු මෙම පාඨමාලා සදහා සහභාගී විය. උත්සවයේ දී පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් සම්මානලාභීන් 141 දෙනෙකු සදහා සහතිකපත් ප්‍රදානය කරන ලදී.

අංක 19 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ දක්ෂතම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් ලෙස සැරයන් එගොඩවත්ත (පරිපාලන සහකාර) සහ කෝප්‍රල් කුලියාපිටිය (දන්ත කාර්මික ඓ) සම්මාන ලැබූ අතර සැරයන් අමරසූරිය පොලිස් අධිකාරී (ගිණුම් සහකාර) සහ කෝප්‍රල් විඡේරත්න (පරිපාලන සහකාර)  අංක 90 දරණ සිංහල මාධ්‍ය පාඨමාලාවේ දක්ෂතම සමස්ත ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් ලෙස සම්මාන ලැබීය.
      
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි