ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසෙයේ ප්‍රථම වරට ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් වෙත ඒකක වර්ණ ප්‍රධානය සිදු කරයි
''සුරකිමු ලකඹර" තේමා පාඨය කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසයට නව පරිචඡේදයක් එක්කරමින් ප්‍රථම වරට ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් 21 ක් වෙත ඒකක වර්ණ ප්‍රධානය කිරිම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 අප්‍රේල් මස 24 වන දින ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේ දි අභිමානවත් අයුරින් සිදු කරන ලදි.
හමුදා ඒකකයකට ලබාගත හැකි ඉහලම ගෞරවය ලෙස වර්ණ සමිමානයන්ගෙන් පිදුමි ලැබිම හැදින්විය හැකි අතර ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය උදෙසා සිදුකළා වු සුවිශේෂි මෙහෙවර ඇගයිමට ලක් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කටුනායක, රත්මලාන, චින වරාය, අනුරාධපුර, වවිනියාව, හිගුරක්ගොඩ, යන ගුවන් හමුදා මුලික කදවුරු හා වන්නි, කොළඹ, අමිපාර, පලාලි, මඩකලපුව, මොරවැව යන ගුවන් හමුදා කදවුරු 12 ක් සදහා ද, චිනවරාය ගුවන් හමුදා කදවුරේ පිහිටි අංක 3 සමුද්‍රිය ගුවන් ආවේෂන බලඝණය හා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 111 නියමුවන් රහිත ගුවන් යානා බලඝණය යන පියාසර බලඝණයන් ද්විත්වය සදහා මෙන්ම මිරිගම ගුවන් ආරක්ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය, කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු පක්ෂාංගය, හා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සදහා මෙන්ම කොළඹ ගුවන් හමුදා අංක 32 ගොඩබිමි ගුවන් ආරක්ෂක බලඝණය, මොරවැව රෙජිමේන්තු විශේෂ බලකා පක්ෂාංගය, වන්නි අංක 46 විශේෂ ගුවන් මෙහෙයුමි බලඝණය හා බෝමිබ නිෂ්ක්‍රිය පුහුණු පාසල පාලවි, යන ඒකකයන් 7 සදහාත් ඒකක වර්ණ පිරිනැමිම සිදු කරන ලදි.
මෙම වර්ණ ප්‍රධාන පෙළපාලියේ අණදෙන්නා ලෙස ගුවන් හමුදා චීන වරාය විද්‍යාපිඨයේ පිඨාධිපති එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා නිළධාරීතුමන් කටයුතු කරනු ලැබු අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්, ගුවන් හමුදා නිළධාරින් හා සෙසු නිළයන් පිරිසක් සහභාගි වන ලදි.