රත්මලානේදී පැවති සුහද රග්බි තරගයකදී ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පරදවා ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම ජය ලබයි
ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ සුහද රග්බි තරග සඳහා සහභාගී වූ අතර අවසානයේ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම සමඟ සුහද තරගය සදහා 2023 අප්‍රේල් 24 දින ගුවන් හමුදා රත්මලාන රග්බි පිටියේදී සහභාගී විය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ ඉන්දීය ජාතික කණ්ඩායම 2023 අප්‍රේල් 19 වන දින සිට අප්‍රේල් 26 දක්වා ශ්‍රී ලංකාවේ පුහුණු සංචාරයක නිරත විය.
ඉන්දීය රග්බි කණ්ඩායමේ නායකත්වය විකාස් ඛාට්ටි විසින් සහ ශ්‍රී ලංකා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිළිණ වීරසිංහ ද කටයුතු කරන ලදී.
තරගයේ අවසානය වන විට ඉන්දීය ජාතික කණ්ඩායම ලබාගත් ලකුණු 30ට එරෙහිව ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම ලකුණු 31ක් ලබාගෙන තිබුණි.
ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වත්මන් සභාපති, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් විකාස් සූද්, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, රග්බි ස්ථායීකරණ කමිටුවේ සභාපති චූලා ධර්මදාස ඇතුලු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.