රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි
9:57am on Thursday 11th May 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර 2023 අප්‍රේල් 23 වන දින 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය 2023 අප්‍රේල් 25 වන දින විංග් කමාන්ඩර් ගජබා කුමාරසිරි නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු අමල් පෙරේරා විසින් සමාලෝචනය කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරීතුමා විසින් පෙළපාලිය ඇමතූ අතර එහිදී තමන්ට පෙර කඳවුරට අණදුන් සහ මීට පෙර රත්මලානේ කදවුරේ සේවය කළ සාමාජිකයින්ට උපහාර පුද කළේය. අනාගතයේ අභියෝගවලට මුහුණ දීම සඳහා කඳවුරේ සිටින සියලු දෙනාගෙන් උපරිම කැපවීම අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය. සංවත්සර උත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් 24 වන දින මහරගම අපේක්ෂා රෝහලේදී පවත්වන ලදී.

1985 වසරේ අප්‍රේල් මස 23 වැනි දින එවකට ආරක්‍ෂක අමාත්‍ය ගරු.ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් එවකට ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ඩී.සී පෙරේරා මහතාගේ ආරාධනයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර විවෘත කරන ලදී.මෙම කඳවු‍රේ ප්‍රථම අණදෙන නිළධාරීතුමන් ලෙස විංග් කමාන්ඩර් සීඑන් තුඩුගල නිළධාරීතුමන් කටයුතු කරන ලදී.

මෙම කඳවුරේ අංක 4 ප්‍රභු ආරක්ෂක (VVIP) හෙලිකොප්ටර් බලඝණය, අංක 8 සැහැල්ලු ප්‍රවාහන බලඝණය සහ අංක 61 හෙලිකොප්ටර් බලඝණය පිහිටා ඇත. මෙම බළඝණවලට අමතරව, අංක 27 රෙජිමේන්තු පක්‍ෂාංගය, අංක 2 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගය, ගුවන් ඉංජිනේරු සහය පක්‍ෂාංගය, ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් අංශය සහ ගුවන් හමුදා මූලික රෝහල සමග ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් රග්බි පිටියක්, ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් සහ  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදා ගුවන් ඉතිහාසය නිරූපණය කරන කෞතුකාගාරයක් පිහිටුවා ඇත.විශේෂයෙන් මානුෂීය මෙහෙයුම් වලදී සහ COVඓඪ්-19 වසංගත කාලවලදී මෙම කඳවුර ඡාතියට ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදී.
.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි