ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාරයේ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ 2023 අප්‍රේල් 24 දින ගුවන්පුර ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාර පරිශ්‍රයේදී පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම පුහුණු වැඩසටහන ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාරයෙහි සේවය කරන රූපලාවන්‍ය ශිල්පීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර එය මෙහෙයවනු ලැබුවේ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන නයනා කරුණාරත්න මහත්මිය විසිනි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු, ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාර භාර නිලධාරී ගුවන්පුර, ගෲප් කැප්ටන් නිශාන්ත මෙරගලගේ, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද සහභාගි විය.
රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ නවතම ප්‍රවණතා සහ ශිල්පීය ක්‍රමවලට අදාළ විවිධ පැතිකඩ ආවරණය කරමින් රූපලාවන්‍ය ශිල්පීන්ගේ කුසලතා සහ දැනුම වැඩිදියුණු කිරීම මෙම පූර්ණ දින පුහුණු වැඩසටහනේ අරමුණ විය. ගුවන් හමුදා රූපලාවන්‍ය ශිල්පීන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබා දීම සඳහා සේවා වනිතා ඒකකයේ අඛණ්ඩ උත්සාහයේ අංගයක් ලෙස මෙම උත්සවය සංවිධානය කරන ලදී.