බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ගුවන් හමුදා හෙරලි පෙරළි ව්‍යාපෘතිය හදුන්වා දෙයි
10:06am on Thursday 11th May 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව  "ගුවන් හාමුදා හෙරලි පෙරළි" ව්‍යාපෘතිය 2023 අප්‍රේල් 27 වන දින සාර්ථකව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත හඳුන්වා දෙන ලදී.

75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමේ රජයේ මෙහෙවරට දායක වීම සඳහා ප්‍රධාන රාජ්‍ය ආයතන වෙත "හෙරලි පෙරළි" ව්‍යාපෘති සංකල්පය හඳුන්වාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන ලදී.

අණදෙන කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් එරන්දික ගුණවඩන සහ බන්ධනාගාර කොමසාරිස් කේ.ඒ.එස්. කොඩිතුවක්කු, මහර බන්ධනාගාර අධිකාරි එස්.පී.ගජනායක ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

කොස් ආහාර පැළ වගා කිරීම සහ රෝපණ මලු සකස් කිරීම සඳහා ඔවුන්ගේ ශ්‍රම බලය සහ ඉඩ ප්‍රමාණය යොදා ගනිමින් මෙම ජාතික ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔවුන්ගේ හැකියාව සහ කැමැත්ත ඉස්මතු කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි