2023 ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුශූරතාවය දිනාගැනීමට සමත් විය
10:33am on Thursday 11th May 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටෙනිස් කණ්ඩායම 2023 ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගන්නා ලදී. ශූරතාවලිය 2023 අප්‍රේල් 24 සිට 28 දක්වා නාරාහේන්පිට යුධ හමුදා ටෙනිස් පිටියේදී පවත්වන ලදී.

2023 ආරක්‍ෂක සේවා ටෙනිස් ශූරතාවලියේ අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 28 වැනි දින එම ස්ථානයේදීම අවසන් වූ අතර ශ්‍රී ලංකා යුද හමුදා ටෙනිස් කණ්ඩායම ඉසව් ශූරතාව දිනා ගන්නා ලදී.

කණ්ඩායම් ඉසව්වලට අමතරව විවෘත හා ප්‍රවීණ තරග ද පවත්වන ලදී.

සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා ජයග්‍රහණ
ශූරතාවය - අවුරුදු 45 ට වැඩි (තනි) - ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර

අනුශූරතාව - ප්‍රවීණ (ද්විත්ව) - එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර

අනුශූරතාව - ප්‍රවීණ (තනි) - ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර

අනුශූරතාව - විවෘත (තනි) - ගුවන්යානා අශේන් ද සිල්වා.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි