ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානිතුමන් ජනාධිපතිතුමන් සහ ජාතික ආරක්‍ෂක උපදේශකතුමන් අතර නිළ හමුවක්
10:56am on Thursday 11th May 2023
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අතර නිළ හමුවක් 2023 මැයි 02  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික වැදගත්කම සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෙම නිල සංචාරය සිහිපත් කිරිම පිනිස ජනාධිපතිතුමන් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානීතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදුකරන ලදී.

අනතුරුව ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානීතුමන්, එදිනම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය. මෙම නිල සංචාරය සනිටුහන් කරමින් ආරක්‍ෂක සහයෝගීතාවයට අදාළ කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංචාරක ගුවන් හමුදාපතිවරයා සහ ජාතික ආරක්‍ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, අතිගරු ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වුණු අතර, ඉන්දීය ගුවන් හමුදාපතිතුමා සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


Chief of the Air Staff called on the President

Chief of the Air Staff called on the National Security Advisor
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි