ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීතුමන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර නිළ හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර නිළ හමුවක් 2023 මැයි 02 කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම හමුවේදී කලාපීය සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත විය. සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි