ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානිතුමන් සහ අගමැතිතුමන් අතර නිළ හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිළ හමුවක් 2023 මැයි 03 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

මෙම හමුවේදී, අග්‍රාමාත්‍යතුමන් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානිතුමන් කලාපයේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර හවුල් ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා තවදුරටත් සහයෝගීතාව සඳහා ඇති හැකියාව ගවේෂණය කළහ.මෙම හමුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා ද සහභාගී වෙන ලදි.මෙම අවස්ථාව සනිටුහන් කරමින්, සංචාරයට පැමිණි ගුවන් හමුදාපතිතුමන් සහ ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි