ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීතුමන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් අතර නිළ හමුවක්
සංචාරක ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා 2023 මැයි 03 ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

ආරක්ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානීතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ආරක්‍ෂක ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී ඒකාබද්ධ යුද අභ්‍යාස සහ පුහුණුවීම් සඳහා ඉන්දීය ගුවන් හමුදාව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය.

අවසාන වශයෙන් මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානීතුමන්  සහ ආරක්ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි