ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී දළදා සමිදුන් වැඳ පුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා ඇතුලු එම දූත පිරිස 2023 මැයි මස 03 වන දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී දන්න ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදි.

දියවඩන නිළමේ නිලංග දෑලබණ්ඩාර මහතා විසින් එතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව මහනුවර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීම සදහා එක්විය. මෙම හමුව සිහිපත් වීම සදහා දෙපාර්ෂවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි