ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය වෙත මිලියන දෙකක් වටිනා පොත් පරිත්‍යාග කරයි
2:47pm on Monday 15th May 2023
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් 2023 මැයි 4 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරය අතරතුර රුපියල් මිලියන දෙකක පොත්පත්  ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා විසින් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑම්එස්බී දසනායක වෙත පුද්ගලිකව පොත් ප්‍රදානය කරන ලදී.

මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනුම් සම්භාරය සඳහා වටිනා දායකත්වයක් දක්වන අතර දෙරට අතර පවතින ශක්තිමත් බැඳීමේ සංකේතයක් ලෙසද ක්‍රියා කරයි. මෙම ප්‍රදානෝත්සවයට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක එයාර් කොමදෝරු එස්ඩීජී එම් සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.අනතුරුව නියෝජිත පිරිස සහ විද්‍යාපීඨයේ සෙසු නිලධාරීන් සමඟ දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි