ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
3:25pm on Monday 15th May 2023
2009 වසරෙන් පසු මියගිය, සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් සඳහා නිවාස ලබා දීම මෙන්ම ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය දියත් කර ඇත.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස 2021 ඔක්තෝම්බර් 21 වන දින මියගිය සැරයන් බණ්ඩාර  වෙනුවෙන් අංගසම්පූර්ණ නිවසක් ඉදිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින සිදු කරන ලද අතර 2023 මැයි 10 ගලෙන්බිදුණුවැව, උල්පත්ගමදී මියගිය අයගේ දූ දරුවන් වෙත නව නිවස ප්‍රදානය කරන ලදී.මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර, ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ වැඩබලන කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටිරෝන් මුණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සහකාර ලේකම්, ස්කොඩ්‍රන් ලීඩර් කල්හාරි විජේසිංහ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි