මොන්ටානා ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බළකා සහකාර ජෙනරාල්වරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
10:25am on Tuesday 23rd May 2023
මොන්ටානා ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් මේජර් ජෙනරාල් පීටර් ජේ හ්රොනෙක් සහ කාර්ය මණ්ඩලය 2023 මැයි 17 වන දින සවස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.
මෙම හමුවේදී එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, මේජර් ජෙනරාල් පීටර් සහ නියෝජිතයින් ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කළ පුහුණු අවස්ථා ගවේෂණය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධ සාකච්ඡාවක නිරත විය. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී. මෙම සංචාරය අගයමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජනරාල්වරයාගේ භාර්යාව වන ට්‍රැසී හෝනෙක් මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාවට මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ විධායක නිලධාරී, මේජර් කෙවින් ඩිගන්ස්, රාජ්‍ය සහයෝගීතා වැඩසටහන් අධ්යක්ෂ, මේජර් ක්‍රිස්ටෝපර් කෝරි සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

No. 02 Heavy Transport
Squadron
CBRNE
Wing's
Demonstration
Aircraft
Engineering
Wing