බත්තරමුල්ල ජාතික යුධ ස්මාරකයේදී මියගිය රණවිරුවන්ට උපහාර
10:31am on Tuesday 23rd May 2023
ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අඛණ්ඩව 14 වැනි වරටත් 2023 මැයි 19 වන දින පෙරවරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. .

උත්සවය අතරතුරදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ උත්තරීතර පරිත්‍යාගයට ජනාධිපතිතුමන් විසින් එම ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය.  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අ , ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අනෙකුත් අමාත්‍යවරුන්, ආරක්ෂක ලේකම් ,ජනරාල් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆොර්ස් රොෂාන් ගුණතිලක වර්ථමාන යුධ, ගුවන් හා නාවික හමුදාපතිවරුන්, පොලිස්පති, රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දිවි පිදූ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම හා ගෞරවය දැක්වීම සඳහාත් රට වෙනුවෙන් කළ අසමසම සේවයේ සහ නොසැලෙන කැපවීමේ අමිල මෙහෙවර සිහිපත් කරමින් මෙම උත්සවය පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි