ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර “යල කන්නය” ඉලක්ක කර ගනිමින් කෘෂිකාර්මික කටයුතු ආරම්භ කෙරේ
1:15pm on Wednesday 24th May 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව සහ මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් හේමන්ත බාලසූරිය අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදාවේ සියලුම සේවා පුද්ගලයින් සඳහා උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතිව යල කන්නය සදහා වී වගාව ආරම්භ කරන ලදී. තවද කදවුරු පරිශ්‍රය තුළ ඇති සෑම වගා බිම් ප්‍රදේශ අනෙකුත් බෝග වගාවන් සදහා යොදා ගැනිමට කටයුතු කර ඇත.

ශ්‍රමයේ අවශ්‍යතාවය කැපී පෙනෙන ලෙස අඩු කරගැනිම සහ කාර්යයන් ඉටු කිරීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අවම කර ගැනිම සදහා නවතම රොටවේටරයක් හදුන්වා දි ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පාංශු ලක්ෂණ ප්‍රශස්ත ගුණාත්මක භාවයකට වැඩිදියුණු කිරීමටත්, වී පැල වර්ධනයට හිතකර වීමත්, සමස්ත සංවර්ධනයට පහසුකම් සැලසීමටත් හැකිවනු ඇත.

කුඹුරුවලට ජල සැපයුම විශාල වශයෙන් ඉහළ නැංවීම අපේක්ෂා කිරීමේ අරමුණින් ඉඳිවැව ජල ඇළ මාර්ග සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම සිදු කර ඇත. කුඹුරු තුළ වාරිමාර්ග පද්ධතිය වැඩිදියුණු කිරිම මගින් විශාල අස්වැන්නක් ලබාගැනිමට හැකිවනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි