ජපාන් - ලංකා මිත්‍රත්ව සංගමය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහාය දක්වයි
ජපන් ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගොටෝ හිදේකි මහතා සහ කාර්ය මණ්ඩලයේ නොමසුරු සහයෝගය ඇතිව ගුවන් හමුදා සාමාජිකයින්ගේ පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 13 ක් සහ කියවීමේ කණ්නාඩි තොගයක් සමඟ හැරවුම් ඉණිමං දෙකක් සහ ගිනි නිවන රථයක් ද ප්‍රදානය කරන ලදී.මෙම උත්සවය 2023 මැයි 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
මෙම පරිත්‍යාගය අගයමින් ජපන් දූත පිරිසට මෙම දිනය අමතක නොවන දිනය බවට පත්කිරීමේ අරමුණින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජපන් - ලංකා මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මිත්‍රත්වය 2015 වසරේ සිට පැවත එන අතර ගිනි නිවන රථ 10 ක්, ගිලන්රථ 8 ක්, හැරවුම් ඉණිමං සහිත වාහන තුනක් සහ ගිනි නිවන මෝටර් රථයක් නොමසුරුව පරිත්‍යාග කර ඇත
මෙම අවස්ථාවට ගොටෝ හිදේකි මහතා ඇතුළු දූත පිරිස, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල, ගුවන් හමුදා කොළඹ කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු චමින්ද වික්‍රමරත්න, ගුවන් හමුදා සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී විය.