
දකුණු ආසියානු තරඟාවළියේ පළමු ශ්‍රී ලංකා රන් පදක්කම ගුවන් හමුදාවෙන්..
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ කමල් බන්ඩාර විසින් 11වන දකුණු
ආසියානු තරඟාවළියේ ශ්‍රි ලංකාව ලබා ගත් පළමු රන් පදක්කම ලබා ගැනීමට
සමත්කම් දක්වන ලදී. ඔහු විසින් මෙම දස්කම දක්වන ලද්දේ බර ඉසිලීමේ
තරඟාවළියේදී කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ වදිමිනි.
මෙවර තරඟාවළිය බංගලාදේශයේ ධකා අගනුවර පවත්වනු ලබන අතර ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඒ සඳහා සහභාගී වී සිටියි. රන් පදක්කමට හිමිකම් කියූ කමල් බන්ඩාර හට ගුවන් හමුදාවේ උණුසුම් සුභ පැතුම්.
මෙවර තරඟාවළිය බංගලාදේශයේ ධකා අගනුවර පවත්වනු ලබන අතර ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඒ සඳහා සහභාගී වී සිටියි. රන් පදක්කමට හිමිකම් කියූ කමල් බන්ඩාර හට ගුවන් හමුදාවේ උණුසුම් සුභ පැතුම්.