කොළඹ ගුවන් හමුදා රෝහල සෞඛ්‍ය සම්පන්න ජීවන මධ්‍යස්ථානයක් ආරම්භ කරයි
6:25pm on Monday 29th May 2023
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ ළමා හා මාතෘ සෞඛ්‍ය ඒකකය කොළඹ මහ නගර සභාවේ කලාපීය සහාය ඇතිව කොළඹ ගුවන් හමුදා රෝහල විසින් 2023 මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවන මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී. එදින උදෑසන විශේෂ වෛද්‍ය පරීක්ෂණ වැඩසටහනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතාගේ මඟපෙන්වීම අනුව සාර්ථකව පවත්වන ලදී.

සෞඛ්‍ය සම්පන්න ජීවන මධ්‍යස්ථානය ආරම්භ කිිරීමේ මූලික අරමුණ වන්නේ සේවා සාමාජිකයින්ගේ පවුල්වල සාමාඡීකයින් සඳහා වෛද්‍ය පරීක්ෂණ පහසුකම් ලබා දීමයි. ගුවන් හමුදා වෛද්‍ය නිලධාරීන්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය නිලධාරියෙකු, විශේෂඥ වෛද්‍යවරුන් සහ කොළඹ මහ නගර සභාවේ ළමා හා මාතෘ සෞඛ්‍ය ඒකකයේ සහායක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාඡිකයින් විසින් වැඩසටහන පවත්වන ලදී. දන්ත වෛද්‍ය පරීක්ෂණ, අක්ෂි සායන, හෘද රෝග පරීක්ෂා  කිරීම්, විකිරණවේද යොමු කිරීම්, නාරිවේද වෛද්‍ය නිර්දේශ, පැප් පරීක්‍ෂණ, පියයුරු පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ සහ වෙනත් විශේෂිත පහසුකම් මෙම වැඩසටහනට ඇතුළත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි