ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 55 වැනි අදියර ගම්පහදී සාර්ථකව අවසන් කරන ලදී
'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 55 වන අදියර 2023 මැයි 25 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ Arklow ළමා නිවාසයේ දී සාර්ථකව අවසන් විය. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදී.
Arklow ළමා නිවාසය විවිධ වයස්වල ළමුන් 26 දෙනෙකුට පමණ නවාතැන් සපයනු ලබයි. ළමා නිවාසයේ වහලය අලුත්වැඩියා කිරීම, ගොඩනැඟිල්ල තීන්ත ආලේප කිරීම, සිමෙන්ති පොළව ප්‍රතිසංස්කරණය කිරීම, පන්ති කාමර පුටු සහ මේස සවි කිරීම, දොරවල් පිළිසකර කිරීම, නිසි ජල හා විදුලි සැපයුම් මාර්ග නිරීක්ෂණය කිරීම සහ නව විදුලි පංකා සවි කිරීම ව්‍යාපෘතියට ඇතුලත්විය.
ව්‍යාපෘතිය නිමවීමෙන් අනතුරුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ වැඩබලන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සමන් උඩුකුඹුර මහතා විසින් මෙම ගොඩනැගිල්ල ළමුන් වෙත භාර දෙන ලදී. මෙම දරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සදහා සහය වීමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ කැපවීම ඉස්මතු කරමින් මෙම උත්සවය, ව්‍යාපෘතියේ සාර්ථක නිමාව සනිටුහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කටුනායක කඳවුර විසින් සමාජ සුබසාධන වැඩසටහන් සඳහා වූ කැපවීම පෙන්නුම් කරමිනි. මෙම උත්සවය සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී විය.