රෙජිමේන්තු විශේෂ බලකාය විදේශ සහ රෙජිමේන්තු නිලධාරීන් සඳහා ඉක්මන් ප්‍රතිචාර කණ්ඩායම (QRT) පුහුණු කරයි
මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල (RSFTS) විසින් 2023 අප්‍රේල් 25 වන දින සිට 2023 මැයි 25 වන දින දක්වා විදේශ අභ්‍යාසලාභියෙකු වන සැම්බියානු ගුවන් හමුදාවේ කපිතාන් ඇන්ඩෲ මුනෙන්ගෝ ඇතුළු මෙහෙයුම් භූමි භටයින් 38 දෙනෙකු සඳහා අංක 66 ඉක්මන් ප්‍රතිචාර කණ්ඩායම් පුහුණු පාඨමාලාව පවත්වන ලදී. රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල යනු ගුවන් කඳවුරු ආරක්‍ෂාව, විශේෂ මෙහෙයුම් සහ සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුම් සම්බන්ධ විශේෂිත පුහුණුව සඳහා වන ප්‍රධාන පුහුණු ආයතනයයි.
ඉක්මන් ප්‍රතිචාර කණ්ඩායම් පුහුණුව සැලසුම් කර ඇත්තේ ශාරීරික පුහුණුව, විඳදරාගැනීමේ පුහුණුව, උසස් ආයුධ පුහුණුව සහිත ආයුධ පුහුණුව සහ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස ඇතුළු හමුදා උපක්‍රම සහ අනාගත මානුෂීය ආධාර ක්‍රියාත්මක කිරීම සඳහා GPS හැසිරවීම සහ සිතියම් භූමි සංචලනය පිළිබඳ වෘත්තීයභාවය ළඟා කර ගැනීම සඳහා ය.
ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල්, එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන සහ අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරීන්ගේ මග පෙන්වීම යටතේ සහ රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු පාඨමාලාව පැවැත්විණි.
පාඨමාලාවේ සමාප්ති උත්සවය සහ සහතිකපත්‍ර ප්‍රදානය 2023 මැයි 25 වන දින, රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මොරවැව කදවුරේදී පවත්වන ලදී.