'සුවනාරී' වෛද්‍ය සායනය ජනාධිපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ
අතිගරු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කාල්ටන් "සුව උදාන" සෞක්‍ය හා සමාජ සුභසාදන වැඩසටහන යටතේ සංවිධානය කරනු ලබූ "සුවනාරී "වෛද්‍ය සායනය අතිගරු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ගුවන් හමුදා රත්මලාන කදවුරු රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරින.
ගුවන් හමුදා සිවිල් හා සේවා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකාවන් සදහා වෙන් වූ මෙම සායනය තුලින් ඔවුන්ගේ සෞඛ්‍ය නගා සිටුවීමට උපකාරිවන අතර ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම සායනයට යොමු කිරීමෙන් අනතුරුව රෝග කාරක කලින් හදුනාගෙන ඊට අදාල ප්‍රතිකාර ලබා දීමට මෙම සායනයේ මගින් හැකිවීම විශේෂත්වයකි.
කාන්තාවන් ආශ්‍රිත වැලදෙන විවිද රෝගයන් පිළිබදව දනුවත් කිරීම හා එම රොගයන් අශ්‍රිතව සිදුකරනු ලබන පරීක්ෂන පිළිබදව මෙහිදී පුළුල් ලෙස දැනුවත් කරන ලදී.
තවද මෙම අවස්තාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිනිය, ගුවන් හමුදා සෞක්‍ය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එන්.එච්. ගුනරත්න , ගුවන් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී ගුවන් කොමදෝරු සුමංගල ඩයස් හා සේවා වනිතා කමිටු සාමාජික සාමාජිකාවන් මෙම අවස්තාවට සහභාගි විය.