ගුවන් හමුදා සාමාඡිකයින් සඳහා සුවිශේෂී සැසියක් පවත්වනු ලබයි
9:34am on Friday 2nd June 2023
කාන්තා පක්ෂාංගයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මනෝජ් කැප්පෙටිපොල ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පක්ෂාංගය විසින් 2023 මැයි 30 දින ශ්‍රී ලංකා ගුවන් සාමාඡිකයින් සඳහා පූර්ණ දින සැසියක් සංවිධානය කරන ලදී. ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලද මෙම වැඩසටහනේ අරමුණ වූයේ ලිංගික හිරිහැර සහ ආශ්‍රිත දඬුවම්, සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කිරීම පිළිබද දැනුවත් කිරීමයි.

නිළධාරීන්, කාන්තා නිළධාරිනියන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් ඇතුළු 300 කට අධික ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාඡිකයින් මෙම වැඩසටහන සදහා සහභාගීවෙන ලදී. ගුවන් හමුදා කාන්තා පක්ෂාංගයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මනෝජ් කැප්පෙටිපොල, ස්වේච්ඡා ගුවන් හමුදා අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රාජින්ත් ජයවර්ධන, විංග් කමාන්ඩර් ප්‍රබුද්ධ දහනායක, ස්කොඩ්‍රන් ලීඩර් විලුද්‍යානී යටවර, ස්කොඩ්‍රන් ලීඩර් ලිලංගි රන්දෙණි, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් උමාවි විජේරත්න ඇතුලු පිරිස විසින් වැඩමුලුව මෙහෙයවන ලදී  

පුරා එක් දිනක්තුල පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් අතර සුහදතාවය වර්ධනය කිරීම, අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධයේ වැදගත්කම අවධාරණය කරමින් සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කිරීමේ මාතෘකාව පිළිබද දේශනයක් පවත්වන ලදී මෙමගින් සහභාගිවන්නන් ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වය සඳහා උත්සාහ කිරීමට පොළඹවන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි