ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 04 බලඝනය සිය 58 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා “හෙලිකොප්ටර් නියමුවන්ගේ මහගෙදර” ලෙස සැලෙකෙන අංක 4 හෙලිකොප්ටර් යානා බලඝණය වර්ෂ 1955 දී ආරම්භ කරනු ලැබු අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කරනු ලැබු ප්‍රථම හෙලිකොප්ටර් බලඝණය ලෙස ඉතිහාස ගතවන ලදි.
ඇමරිකාවේ නිෂ්පාදිත බෙල් ජෙට් රේන්ජර් හෙලිකොප්ටර් යානා මෙන්ම බෙල් 212 හා බෙල් 412 යන හෙලිකොප්ටර් යානාවන්ගෙන් සමන්විත අංක 4 හෙලිකොප්ටර් යානා බලඝණය සිය 58 වන සංවත්සරය 2023 ජුනි මස 01 වන දින අභිමානයෙන් යුතුව සමරනු ලබයි. මෙම බලඝනයට අයත් හෙලිකොප්ටර් යානා මගින් උතුරු හා නැගෙනහිර ත්‍රස්තතවාදී ගැටුම් සමයේදී ගුවන් පැය 46000 කට අධිකව පියාසර කරමින් ප්‍රධාන මෙහෙයුම් සියල්ලටම සක්‍රිය දායත්වය දැක්වු අතර මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් සදහාද සුවිශේෂි දායකත්වයක් ලබා දි ඇත.
වර්තමානයේද අවශ්‍යතා ඇති ඕනෑම අවස්ථාවක සිය දායකත්වය ලබාදීමට මෙම බළඝණය නිරතුරුවම කැපවි සිටින අතර මෙම බලඝණයට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් නිරික්ෂණ මෙහෙයුමි භාණ්ඩ ප්‍රවාහන , ගුවන්/ මුහුදු සහ කැලෑ ගලවා ගැනීමේ මෙහෙයුමි සදහාද දායකත්වය ලබා දෙනු ලබයි.ආරම්භයේ සිටම බහුවිධ මෙහෙයුම් විශාල ප්‍රමාණයන් සදහා දායකත්වය දක්වා ඇති මෙම බලඝණය තම දේශය වෙනුවෙන් ඉටුකරනු ලැබු විශිෂ්ට කාර්යභාරයක් වෙනුවෙන් ජනාධිපති වර්ණයන්ගෙන් ද පිදුමි ලබා ඇති මෙම බලඝණය ඉදිරියටත් නිරතුරැ දේශය වෙනුවෙන් තම යුතුකම ඉටුකිරිට කැපවි සිටි.