රෙජිමේන්තු විශේෂ බලකාය විසින් සෙවීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහා පුහුණු අභ්‍යාසයක් පවත්වනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව  කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් ගුවන් අනතුරු හෝ ඕනෑම ආකාරයක ස්වභාවික  ආපදා වලදී විපතට පත් ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල සෙවීම් සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් පුහුණු කිරීම සඳහා සෙවීම් සහ මුදාගැනීම් ආශ්‍රිත පුහුණු අභ්‍යාස රාශියක් පවත්වන ලදී.

2023 මැයි 08 සිට වන දින සිට 2023 ජූනි 02 දක්වා මොරවැව ගුවන් හමුදා කඳවුරේදී රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් සෙවීම් සහ මුදාගැනීම් ආශ්‍රිත පුහුණු අභ්‍යාස රාශියක් පවත්වන ලදී. මෙම පුහුණු අභ්‍යාසය Rappelling, Rope Rescue, Fast Rope සහ Winch Operations  වලින් සමන්විත විය.
    
අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන සහ අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත හා අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සමීර විදානපතිරණ, ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය සහ රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමිත් බන්ඩාර ගේ අධීක්ෂණය යටතේ සම්පූර්ණ පුහුණු අභ්‍යාස පැවැත්විණි. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි