ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූනි 02 වන දින පැවැත්වුණු අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ වර්ණසූරිය විසින් ගෲප් කැප්ටන් කේ.එච්.එම්.එස්.එස් බණ්ඩාර වෙත නව තනතුර භාර දෙන ලදී.

ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඩීජීසීපීකේ වර්ණසූරිය නිළධාරීතුමන් විසින් සැරයන් මුතුකුමාරණ ඩීපීඑස් - (මෙහෙයුම් භූමි I), කෝප්‍රල් ප්‍රසන්න එස්ජේඑම්අයි (මෙහෙයුම් භූමි II), ඒ මොහොමඩ් අසූර් - (වඩු කාර්මික III) යන අයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිවෘද්ධිය සඳහා කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඇගයීම් ප්‍රදානය කරන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි