ශ්‍රී ලංකා ගුවන් හමුදාව විචිත්‍රවත් තොරණ සංදර්ශනය සහ ත්‍යාගශීලී ක්‍රියාවන් සමඟ පොසොන් උත්සවය සමරනු ලබයි
9:12am on Wednesday 7th June 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ අනුදැනුම මත, අධ්‍යක්ෂ ජනරාල් සුභසාධක සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගේ අධීක්ෂණය යටතේ මෙම උත්සවය 2023 ජුනි 03 වන දින පොසොන් උත්සවය සංවිධානය කරන ලදී. සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහ මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මෙන්ම ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින්, ඔවුන්ගේ භාර්යාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයින් මෙම අවස්ථාවට සහභෘගී විය.

 "මහා බෝධි ජාතක"  කථා පුවත නිරූපණය කරන ආකර්ශනීය තොරණක් වන අතර එය ගුවන් හමුදාපතිවරයා විසින් උත්සවාකාරයෙන් ආලෝකමත් කරන ලදී. ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තොරණ ආලෝකමත් කිරීමට පෙර ආගමික වතාවත් සිදු කෙරිණි. මෙම විචිත්‍රවත් තොරණ ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ලද අතර සතියක කාලයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පැවැත්විමට නියමිතව ඇත. මෙම නිර්මාණය කිරීමට සම්බන්ධ වූ කණ්ඩායමේ කැපවීම අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අගය කිරීමක් වශයෙන්  මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදී.

තොරණ ප්‍රදර්ශනයෙන් අනතුරුව, "කඩල දන්සලක්" සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදීි. "ගුවන් හාමුද පෙරළි" ව්‍යාපෘතිය මගින් මහජනතාව දැනුවත් කිරීම සහ නගරවාසීන් අතර කොස් ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා  "කොස් දන්සලක්" සංවිධානය කර තිබීම මෙයි විශේෂත්වයකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි