ලෝක පරිසර දිනයට සමගාමීව "ගුවන් හමුදා හෙරළි පෙරළි" වැඩසටහන පුත්තලමේදී පවත්වනු ලබයි
11:30am on Friday 9th June 2023
ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් "ගුවන් හමුදා හෙරලි පෙරළි" වැඩසටහන දිවයින පුරා කොස් පැල සිටුවීමේ ව්‍යාපාරයේ තවත් අදියරක් ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශයේ හලාවත දකුණු ආරියගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා  කෘෂි ඒකකයේ සහයෝගීතාවයෙන් පවත්වන ලදී.  දිස්ත්‍රික් ලේකම් කොට්ඨාශය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන රජයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ඉංජිනේරු, මධ්‍යම ප්‍රාදේශීය පරිසර නිලධාරී, දිස්ත්‍රික්කයේ ගම්වැසියන් සමඟ පරිසර අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කරන ලද “ගුවන් හමුදා හෙරළි පෙරළි” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සහ ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා සහාය වීම අරමුණු කරයි. මෙම ව්‍යාපෘතිය මගින් කොස් ගස් සිටුවා ජෛව විවිධත්වය වර්ධනය කිරීමට ගම්මාන දිරිමත් කරයි. අනාගතයේදී ආනයනික කාබෝහයිඩ්‍රේට් ආහාර වෙනුවට කොස් ආහාර සංස්කෘතියක් ප්‍රජාවන් අතර ඇති කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම සදහා ප්‍රෙයෝඡනවත්වේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ වසර 3ක් තුළ කොස් පැළ ලක්ෂ 3ක් සිටුවීම සදහා ගුවන් හමුදා "හෙරලි පෙරළි වැඩසටහනේ" සහාය ද දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා විසින් ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටියේය. තවද, "ගුවන් හමුදා හෙරළි පෙරළි" මුද්‍රිත පොත් බෙදාදීම සහ කාබනික පොහොර ප්‍රදානය කිරීම හලාවත දකුණු ආරියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අණදෙන කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ නිලධාරීන් සහ ගුවන් භටයින් සමඟ එක්ව සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි