ස්‌වභාවධර්මය සහ ලෝක උරුමයන් රැකගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
ජූනි 5 වන දින වාර්ෂිකව සමරනු ලබන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු මගින් පිරිසිදු කිරීම් හා හරිත පරිසරයක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන්, මුලතිව් ගුවන් හමුදා කඳවුර, කඳවුරු පරිශ්‍රය තුළ කජු පැළ 200ක් සිටුවීමේ වැඩසටහනක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ නොමසුරු පරිත්‍යාගයක් මත 2023 ජුනි 5 වන දින සිදු කරන ලදී.

යුනෙස්කෝ සංවිධානය විසින් ලැයිස්තුගත කර ඇති ලෝක උරුමයක් ලෙස පිළිගන්නා ලද සීගිරි බලකොටුවෙහි පිරිසිදු කිරීමේ වැඩසටහනක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් සිදුකරන ලදී. මෙම වැඩසටහන් හරහා ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා විශේෂ දායකත්වයක් දැක්වීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අරමුණයි.

ගුවන් හමුදා සීගිරිය කඳවුර


මුලතිව් ගුවන් හමුදා කඳවුර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි