ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය 20 වැනි සංවත්සරය සමරයි
11:22am on Saturday 17th June 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වැනි සංවත්සරය 2023 ජුනි 13 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ගුවන් හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ඉදිකිරීම් සහ පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙම පක්ෂාංගය මගින් සිදු කරනු ලබයි. මේ වන විට  සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ අංශවල සිවිල් ඉංජිනේරු නිලධාරීන් සහ ගුවන් භටයින් 1400 කට අධික ප්‍රමාණයකින් සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සමන්විත වේ.

අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් එන්.ඩී ඒකනායක නිළධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර, පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව්වක්ද සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා කටුනායක කඳවුරේ වැඩබලන කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ආර් උඩකුබුර මහතා සහභාගී විය.

සැමරුම් උත්සවයට සමගාමීව, 2023 ජුනි 09 වන දින දූනගහ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 65 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද සමඟින් පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි