ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී රණවිරු අනුස්මරණ උත්සවය පවත්වනු ලබයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය 2023 ජුනි 16 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි.
මෙය ගුවන් හමුදා දින දර්ශනයේ වාර්ෂිකව සැලසුම් කර ඇති ප්‍රධානතම උත්සවයක් වන අතර, අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන, එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ප්‍රසන්න මාටිනෝ නිළධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් මෙවර උත්සවය සංවිධානය කරන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා දේශප්‍රේමීන් කරන ලද උත්තරීතර පරිත්‍යාගය සිහිකරමින් ස්මාරකය වෙත ප්‍රථම පුෂ්පෝපහාරය පුද කරන ලදී. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෙසු නිලයින් සහ මියගිය රණවිරුවන්ගේ ආදරණීය පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී විය.